Day: October 20, 2021

Wollongong දුම්රිය අනතුරෙන් 04 කට තුවාල – සිතාමතා මෝටර් රියක් නතරකර තබා ඇතැයි හෙළිවෙයි

Wollongong ආසන්නයේදී දුම්රිය මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් දුම්රිය මගීන් 03 දෙනෙකු සහ නියාමකවරයෙකු තුවාල ලබා තිබේ. Kembla Grange level crossing හරස් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මිනිසුන් රහිත මෝටර් රථයක දුම්රිය ගැටී ඇත්තේ අද අලුයම 04.20 ට පමණයි. වික්ටෝරියා පොලිසිය පවසන්නේ අනතුරක් කිරීමේ අරමුණින් සිතාමතා මෙලෙස මෝටර් රථයක් නතර කර තබා ඇති බව විමර්ශනවලදී හෙළි කරගත් බවයි. තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නැතැයි ද පොලිසිය පැවසීය. Flinders ප්‍රදේශයේ නිවසකින් කොල්ලකන ලද මෝටර් රථයක් මේ සඳහා

Read More »

සිඩ්නි වෙඩි තැබිමකින් පියා සහ පුත්‍රයා මරුට / මෝටර් රථයකටත් ගිනි තබයි

සිඩ්නි Guildford හිදී සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු සහ ඔහුගේ පුත්‍රයා මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 18 හැවිරිදි පුත්‍රයායි. ඔවුන් දෙදෙනා ute රථයකින් රාජකාරි සඳහා ගමන් කරමින් සිටියදී අද පෙරවරු 09 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලා. මෙය ප්‍රතිවිරුද්ධ පවුල් දෙකක් අතර ගැටුමක ප්‍රථීඵලයක් බවටද සැක මතුවී ඇත. වෙඩි තැබීම සිදුවී විනාඩි කිහිපයකට පසු අනෙක් පවුලට අයත් මෝටර් රථයකට ගිනි තබා තිබියදී සොයා

Read More »

ඔස්ටේ්‍රලියාව එන්නත්කරණයේ සියයට 70 පසුකරයි – ජාතික සැළැස්මේ Phase B වෙත යොමුවීමට අවස්ථාව

ඔස්ටේ්‍රලියාව තුළ පූර්ණ එන්නත්කරණයට ලක් කල වයස අවුරුදු 16 ට වැඩි ප්‍රතිශතය සියයට 70 කඩඉම පසු කර ගොස් තිබේ. ඒ අනුව කොවිඩ් තත්වයෙන් මිදීමේ ජාතික සැළසුමේ Phase B වෙත යොමුවීමට ඔස්ටේ්‍රලියාවට දැන් අවස්ථාව උදාවී ඇත. එම සීමා ලිහිල් කිරීම් කවරේදැයි බොහෝ දුරට අද දිනය තුළ ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට මෙරට එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 85.5 ක් ලෙසයි. සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පැවසුවේ වයස අවුරුදු 50 ට වැඩි

Read More »

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 283 ක් / මරණ 07 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (19) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 283 ක් වාර්තා වි තිබේ. දැනට 552 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 124 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 07 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 542 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 88,684 ක් සිදු කර ඇත. NSW COVID-19 update – Wednesday 20 October 2021 In the

Read More »

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ ඉහළම පෙට්‍රල් මිළ ඊයේ මෙල්බර්න් නගරයෙන්

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ ඉහළම පෙට්‍රල් මිළ ගණන් වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ සටහන් වී තිබේ. මෙල්බර්න් Sandringham හි පෙට්‍රල් මිළ ඊයේ $1.84 ක් ලෙස පැවතිණ. සමස්ත නගරයම සැළකීමේදී පෙට්‍රල් මිළෙහි සාමාන්‍ය $1.79 කි. හෙට මැදියම් රැයේ සිට ලොක්ඩවුන් තත්වය ලිහිල් කිරීමත් සමග රථවාහන භාවිතය ඉහළ යාමත් සමග ජනතාවට ඉන්ධන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවටද අනාවැකි පළවේ. මාස 18 කට පෙර full tank සඳහා ගෙවූ මුදලට වඩා මේ වනවිට full tank සඳහා ඩොලර් 60 ක් පමණ වැඩිපුර ගෙවීමට

Read More »