Wollongong දුම්රිය අනතුරෙන් 04 කට තුවාල – සිතාමතා මෝටර් රියක් නතරකර තබා ඇතැයි හෙළිවෙයි

Wollongong ආසන්නයේදී දුම්රිය මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් දුම්රිය මගීන් 03 දෙනෙකු සහ නියාමකවරයෙකු තුවාල ලබා තිබේ.

Kembla Grange level crossing හරස් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මිනිසුන් රහිත මෝටර් රථයක දුම්රිය ගැටී ඇත්තේ අද අලුයම 04.20 ට පමණයි.

වික්ටෝරියා පොලිසිය පවසන්නේ අනතුරක් කිරීමේ අරමුණින් සිතාමතා මෙලෙස මෝටර් රථයක් නතර කර තබා ඇති බව විමර්ශනවලදී හෙළි කරගත් බවයි.

තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නැතැයි ද පොලිසිය පැවසීය.

Flinders ප්‍රදේශයේ නිවසකින් කොල්ලකන ලද මෝටර් රථයක් මේ සඳහා යොදාගෙන තිබේ.

අනතුර සිදුවීමට මොහොතකට පෙර කිසියම් පුද්ගලයෙකු අදාළ ස්ථානයේ සිට දිවයන අයුරුද ඇසින් දුටු සාක්ෂිකරුවෙකු විසින් පොලිසියට ලබාදී ඇති සාක්ෂියක දැක්වේ.

pic – 9news

source : https://www.9news.com.au/national/train-derailed-near-wollongong-causing-delays-for-commuters/978fce86-0541-42a6-b586-1060d6beceb0?ocid=Social-9News&fbclid=IwAR1o5p8tDoHcofB_wOvDDEUI5KKXEdNqjeSNHLoyDEeImrD2A3l8HFKZirs

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »