Search

සිඩ්නි වෙඩි තැබිමකින් පියා සහ පුත්‍රයා මරුට / මෝටර් රථයකටත් ගිනි තබයි

සිඩ්නි Guildford හිදී සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු සහ ඔහුගේ පුත්‍රයා මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 18 හැවිරිදි පුත්‍රයායි.

ඔවුන් දෙදෙනා ute රථයකින් රාජකාරි සඳහා ගමන් කරමින් සිටියදී අද පෙරවරු 09 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලා.

මෙය ප්‍රතිවිරුද්ධ පවුල් දෙකක් අතර ගැටුමක ප්‍රථීඵලයක් බවටද සැක මතුවී ඇත.

වෙඩි තැබීම සිදුවී විනාඩි කිහිපයකට පසු අනෙක් පවුලට අයත් මෝටර් රථයකට ගිනි තබා තිබියදී සොයා ගැණින.

මෙම සිදුවීම් 02 ම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

pic – 9news

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »