Day: October 20, 2021

වික්ටෝරියාවේ ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,841ක් | මරණ 12ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,841 ක් හමුව ඇත. මරණ 12ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,598 කි. ඊයේ දිනයේදී (19) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 78,928 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 38,881ක් ලබා දී තිබේ. Reported yesterday: 1,841 new local cases and 1 case acquired overseas (currently in HQ).– 38,881 vaccines administered – 78,928

Read More »

ඔස්ටේ්‍රලියාව තුළ ආහාර ඇතුලු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ඉහළ යාමේ අවධානමක්

ඔස්ටේ්‍රලියාව තුළ අලෙවි කරන ආහාර වර්ග ඇතුලු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ගණන් ඉහළ යාමේ අවධානමක් ඇති බවට වෙළඳපොල වාර්තා අනාවැකි පළකරයි. සියලු ආහාර පාන මිල ගණන් මෙලෙස වැඩි වනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ආහාර ඇසුරුම් මිළ ඉහළ යාමයි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී මෙම වසරේ අගෝස්තු මාසයේදී “ටින්” මෙට්‍රික් ටොන් එකක මිළ සියයට 93 කින් ඉහළ ගොස් තිබේ. Canned foods ඝනයට ගැණෙන සියලු ද්‍රව්‍යවල මිළ ගණන් ඉහළයාමට හේතුවී

Read More »

“මැණිකේ මගේ හිතේ” හින්දි භාෂාවෙන් නිර්මාණය කර බොලිවුඩ් චිත්‍රපටයකට

ශ්‍රී ලාංකේය යොවුන් ගායිකා යොහානි ද සිල්වා ප්‍රති ගායනා කල මැණිකේ මගේ හිතේ ගීතය හින්දි භාෂාවෙන් නිර්මාණය කර බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ඇතුළත් කරගෙන තිබෙනවා. ඉන්දීය සුපිරි නළුවන් දෙදෙනෙකු වන අජේ දෙව්ගන් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා රංගනයෙන් දායකත්වය සපයන එම චිත්‍රපටය නම් කර ඇත්තේ, Thank God ලෙසින්. එහි රූගතකිරීම් මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා. Thank God නිෂ්පාදනය කරනු ලබන්නේ Bhushan Kumar, Krishan Kumar, Ashok Thakeria, Sunir Kheterpal, Deepak Mukut, Anand Pandit and Markand Adhikari විසිනුයි. SOURCE :

Read More »