ඔස්ටේ්‍රලියාව තුළ අලෙවි කරන ආහාර වර්ග ඇතුලු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ගණන් ඉහළ යාමේ අවධානමක් ඇති බවට වෙළඳපොල වාර්තා අනාවැකි පළකරයි.
සියලු ආහාර පාන මිල ගණන් මෙලෙස වැඩි වනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.
මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ආහාර ඇසුරුම් මිළ ඉහළ යාමයි.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී මෙම වසරේ අගෝස්තු මාසයේදී “ටින්” මෙට්‍රික් ටොන් එකක මිළ සියයට 93 කින් ඉහළ ගොස් තිබේ.
Canned foods ඝනයට ගැණෙන සියලු ද්‍රව්‍යවල මිළ ගණන් ඉහළයාමට හේතුවී ඇත්තේ එයයි.
එමෙන්ම ගෝලීය සැපයුම් අඩාලවීම හා නැව් ගාස්තු ඉහළ යාමද තවත් හේතුවක් වී තිඛෙනවා.
මීට අමතරව toiler paper, facial tissues, paper towel & napkin ආදී ද්‍රව්‍යවල මිළ ගණන්ද ඉදිරි දිනවලදී ඉහළයනු ඇති බවට අනතුරු ඇගවෙනවා.