ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ ඉහළම පෙට්‍රල් මිළ ඊයේ මෙල්බර්න් නගරයෙන් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ ඉහළම පෙට්‍රල් මිළ ඊයේ මෙල්බර්න් නගරයෙන්

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ ඉහළම පෙට්‍රල් මිළ ඊයේ මෙල්බර්න් නගරයෙන්

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ ඉහළම පෙට්‍රල් මිළ ගණන් වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ සටහන් වී තිබේ.

මෙල්බර්න් Sandringham හි පෙට්‍රල් මිළ ඊයේ $1.84 ක් ලෙස පැවතිණ.

සමස්ත නගරයම සැළකීමේදී පෙට්‍රල් මිළෙහි සාමාන්‍ය $1.79 කි.

හෙට මැදියම් රැයේ සිට ලොක්ඩවුන් තත්වය ලිහිල් කිරීමත් සමග රථවාහන භාවිතය ඉහළ යාමත් සමග ජනතාවට ඉන්ධන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවටද අනාවැකි පළවේ.

මාස 18 කට පෙර full tank සඳහා ගෙවූ මුදලට වඩා මේ වනවිට full tank සඳහා ඩොලර් 60 ක් පමණ වැඩිපුර ගෙවීමට සිදුවන බවද සඳහන්.

source : https://www.9news.com.au/national/petrol-prices-in-melbourne-reach-national-highs-ahead-of-victorias-lockdown-ending/7b634732-7556-4305-b01a-0fb219b0986e