බටහිර ඔස්ටේ්‍රලියා කඳවුරු භූමියකදී අතුරුදන්වූ 04 හැවිරිදි දැරිය අනිවාර්යයෙන් පැහැර ගැනීමකට ලක්ව ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.
ඒ ඇය සිටි කූඩාරමේ Zipper එක විවෘත කර ගැනීමට තරම් ඇයගේ උස ප්‍රමාණවත් නොවන බව නිශ්චිතව අනාවරණ වීමත් සමගයි.
පසුගිය සෙනසුරාදා පෙරවරුවේ සිට මෙම දැරිය අතුරුදන්ව සිටින අතර ඇය පැහැර ගත්තේද නොඑසේනම් දැරිය විසින් කූඩාරමින් පිටතට ගොස් ඇතිද යන්න මේ දක්වා අවිනිශ්චිතවයි පැවතුණේ.
Cleo Smith නම් මෙම දැරිය සොයා මේ වනවිට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.
කෙසේවෙතත් මේ දක්වා කිසිදු වැදගත් හෝඩුවාවක් පොලිසියට ලැබී නොමැත.