“ෆේස්බුක්” නම වෙනස් කරයි ???

ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාගම සිය නාමය වෙනස් කිරීමට සූදානම් වන බවට වාර්තා පළවනවා.

ලබන 28 වනදා පැවැත්වෙන සමාගමේ වාර්ෂික සමුලුවේදී ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් එය නිල වශයෙන් එළි දක්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කෙසේවෙතත් නව නාමය කුමක්ද යන්න මේ දක්වා කිසිදු ඉගියක් පළවී නැහැ.

ඉන්ස්ටග්‍රම් – වට්ස්ඇප් සහ ෆේස්බුක් ඇතුලු සමාජ ජාල කිහිපයක හිමිකාරීත්වය ඇත්තේ එකම සමාගමකටයි.

කෙසේවෙතත් පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය නිසි පරිදි ආරක්ෂා නොකිරීමත් වරින්වර සේවා බිඳ වැටීමත් හමුවේ පසුගිය සතියේදී ඔවුන්ගේ කොටස් වෙළඳපොළ වටිනාකමද කැපී පෙනෙන ලෙස පහළ ගියා.

source : https://7news.com.au/technology/facebook/facebook-plans-to-change-its-name-report-c-4286873?fbclid=IwAR3O3hJ80r5q8bQU8l8J4WfzQ7qgaQ4ADfOpfO4AxlpfwnyAM2liAdZgUGw

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »