ඔස්ටේ්‍රලියාව පුරා Woolworths වෙළඳසැල් වලින් පිහි සහ කතුරු අලෙවියෙන් ඉවතට

ඔස්ටේ්‍රලියාව පුරා පිහිටි තම සියලුම අලෙවිසැල් වලින් පිහි සහ කතුරු අලෙවියෙන් ඉවත් කිරීමට Woolworths තීරණය කරයි.

මෙල්බර්න් Brunswick හි Barkly Square Shopping Centre හි Woolworths වෙළඳසැලේදී පසුගිය සඳුදා දිනයේදි පුද්ගලයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ලවීම මීට හේතුවයි.

කෙසේවෙතත් මෙම තීරණය තාවකාලික බවද පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව පතා ගත් තීරණයක් බවද Woolworths නිවේදනය කලේය.

පසුගිය සඳුදා පෙරවරු 08 ට පමණ සිදුවූ අදාල තියුණු ආයුධ ප්‍රහාරයෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට පත්විය.

කෙසේවෙතත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවද වික්ටෝරියා පොලිසිය සඳහන් කලේය.

SOURCE : https://7news.com.au/lifestyle/woolworths/woolworths-pulls-knives-and-scissors-from-shelves-temporarily-after-alleged-stabbing-at-barkly-square-in-melbourne-c-4285342

pic Credit – Getty AAP

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »