
දැනට සීඝ්‍රයෙන් ඉහළ යන ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් 2023 වසර වනවිට නැවතත් පහළයාමක් සිදුවනු ඇති බවට පුරෝකථනයක් සිදුකර තිබේ.
Westpac හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Bill Evans ට අනුව දැනට පවතින ආර්ථික තත්වය ඒ වනවිට යහපත් මට්ටමකට පත්වනු ඇතැයි අපේක්ෂිතයි.
ලබන වසර අගභාගය වනවිට නිවාස වෙළඳපොල ක්‍රමයෙන් සුභවාදී මට්ටමකට පත්වීම ආරම්භවී 2023 වසර වනවිට මුලුමනින්ම යථා තත්වයට පත්වනු ඇති බවයි ඔහුගේ ස්ථාවරය වන්නේ.

ඒ අනුව දැනට පවතින නිවාස මිළ ගණන් 2022 වසරේදී සියයට 08 කින් පමණ අඩුවනු ඇති බව සඳහන්.
එය දැනට තක්සේරු කර ඇති ප්‍රතිශතය වන සියයට 05 ට වඩා ඉහළ අගයක් ගැනීම විශේෂත්වයක්.

1989 වසරේ ජූනි මාසයෙන් පසු ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් ඉහළම අගය සටහන් කර ඇත්තේ වර්තමානයේදීයි.
මෙම වසරේ මුල් මාස 09 තුළදී නිවාස මිළ ඉහළ යාමේ ප්‍රතිශතය සියයට 17.6 ක්.