Day: October 1, 2021

මාස 18 කට පසු ලබන මාසයේදී ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කෙරේ

ලබන මාසයේ සිට අනිවාර්යයෙන්ම දේශ සීමා විවෘත කරන බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අද නිල වශයෙන් නිවේදනය කලා. පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට මේ අනුව රටට පැමිණීමට අවසර හිමිවනු ඇති. ප්‍රාන්තවල එන්නත්කරණ ඉලක්කය සියයට 80 ක ඉලක්කයකට ළගාවෙමින් සිටින බැවින් මෙලෙස දේශ සීමා විවෘත කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කලා. කෙසේවෙතත් දේශ සීමා විවෘත කරන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඉදිරි සති කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ.

Read More »

Breaking: නිවු සවුත් වේල්ස් අගමැති ධුරයෙන් Gladys Berejiklian ඉල්ලා අස්වෙයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට Gladys Berejiklian තීරණය කර තිබේ. ඒ මහජන විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කිරීමත් සමගයි. අද දිනයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා සිය තීරණය නිවේදනය කිරීමටයි අගමැතිනිය කටයුතු කලේ. මෙය ඉතා අපහසු තීරණයක් වූ බවත් වෙන විකල්පයක් නොමැතිවීම හමුවේ එම තීරණය ගත් බවත් අගමැතිනිය කියාසිටියා. හිටපු මන්ත්‍රීවරයෙකු වන සමග තිබූ සබඳතාවය පිළිබඳ තොරතුරු හෙළි කිරීමට Gladys Berejiklian අපොහොසත්වීමත් සමග ඇයට එරෙහිව විමර්ශනයක් පැවැත්වීමටයි තීරණය

Read More »

වික්ටෝරියා සියලු අත්‍යවශ්‍ය සේවකයන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කරයි

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලු අත්‍යවශ්‍ය සේවකයන්ට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව හෝ ගැනීම අනිවාර්ය කරමින් නව නියමයක් පණවා තිබේ. ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී කියාසිටියේ ඔක්තෝබර් 15 වනවිට පළමු එන්නතත් නොවැම්පර් 26 වනදා වනවිට දෙවන එන්නතත් ගෙන සිටීම අනිවාර්ය වන බවයි. මෙල්බර්න් නාගරික සහ ප්‍රාදේශීය යන කලාප දෙක සඳහාම මෙය අදාළ වනු ඇති. ඒ අනුව නගරයේ දැනට අත්හිටුවා ඇති ඇතැම් සේවා යළි ආරම්භ කිරීමට අවස්ථාව උදාවන බවද අගමැතිවරයා පැවසීය. කෙසේවෙතත් ඉදිකිරීම් – freight, healthcare,

Read More »
SYDNEY

NSW ඊයේ කොවිඩ් මරණ 15 ක් – ආසාධිතයන් 866 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (30) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 866 ක් වාර්තා වි තිබේ. දැනට 1055 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 210 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 15 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 408 කි. https://twitter.com/NSWHealth/status/1443742808557322242?s=20

Read More »

ජාත්‍යන්තර ගුවන් ගමන් ලබන මස සිටම ?? අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන ස්ථිර දිනය ගැන අගමැති ස්කොට් මොරිසන් අද දිනයේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරුවේ පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි. ලබන දෙසැම්බර් 17 වනදා තෙක් බලාත්මක වන පරිදියි දැනට ගුවන් ගමන් අත්හිටුවා ඇත්තේ. එහෙත් නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ACT වැනි ප්‍රාන්ත ගණනාවක් සියයට 80 එන්නත්කරණ ඉලක්කයට ළගාවීමත් සමග බොහෝදුරට නොවැම්බර් සිටම ගුවන් ගමන් ආරම්භ කෙරෙනු ඇති බවට අනාවැකි පළවනවා. පළමු අධියරේදී සියයට 80 ක එන්නත්කරණ ඉලක්කය

Read More »