ජාත්‍යන්තර ගුවන් ගමන් ලබන මස සිටම ?? අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන ස්ථිර දිනය ගැන අගමැති ස්කොට් මොරිසන් අද දිනයේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අද පස්වරුවේ පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි.

ලබන දෙසැම්බර් 17 වනදා තෙක් බලාත්මක වන පරිදියි දැනට ගුවන් ගමන් අත්හිටුවා ඇත්තේ.

එහෙත් නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ACT වැනි ප්‍රාන්ත ගණනාවක් සියයට 80 එන්නත්කරණ ඉලක්කයට ළගාවීමත් සමග බොහෝදුරට නොවැම්බර් සිටම ගුවන් ගමන් ආරම්භ කෙරෙනු ඇති බවට අනාවැකි පළවනවා.

පළමු අධියරේදී සියයට 80 ක එන්නත්කරණ ඉලක්කය සපුරා ගත් ප්‍රාන්තවල පදිංචි ජනතාවට පමණක් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අවසර හිමිවනු ඇත බවටයි වාර්තා පළවන්නේ.

 

Source : https://7news.com.au/travel/outward-travel-ban-to-be-lifted-within-weeks-as-prime-minister-scott-morrison-moves-to-reopen-international-borders-c-4117666

Pic – 7News

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »