Day: October 1, 2021

ප්‍රභාකරන් වීරයකු කළ චිත්‍රපටයක් කාම්බෝජය තහනම් කරයි

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ජීවිතයේ මුල් අවදිය හා ජීවිතයේ විවිධ අවස්ථා නිරූපනය කරමින් නිර්මාණය කළ ‘‘මෙතාගු” ද්‍රවිඩ චිත්‍රපටය කාම්බෝජයේ ප්‍රදර්ශනය කිරීම එරට රජය තහනම් කර තිබේ. ශ්‍රී ලංකා රජය කාම්බෝජ විදේශ අමාත්‍යාංශය හරහා එරට රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇතැයි කාම්බෝජයේ තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. ඒ අනුව හිටපු කොටි නායකයා උත්කර්ශයට නංවන කතා තේමාවක් අඩංගු ‘‘මෙතාගු” දෙමළ චිත්‍රපටය සියළුම ආකාරයේ රූපවාහිනී හා කේබල් ජාල ඔස්සේ ප්‍රදර්ශනය කිරීම

Read More »

අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා Greater Shepparton, Lockdown කෙරේ

කොවිඩ් ආසාධිතයන් ඉහළ යාමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා හි ප්‍රාදේශීය කලාපයක් වන Greater Shepparton, Lockdown කර තිබේ. ඒ අනුව මෙල්බර්න් නාගරික කලාපයට බලපැවැත්වෙන lockdown නීති ඔවුන්ටද බලපාන අතර රාත්‍රී ඇඳිරි නීතිය පමණක් අදාළ නොවේ. දැනට මෙම ප්‍රදේශයේ සිටින සක්‍රීය කොවිඩ් ආසාධිතයන් ගණන 24 කි. Greater Shepparton පණවන Lockdown තත්වය අවම වශයෙන් සතියක් බලාත්මක කෙරෙනු ඇති. source : https://7news.com.au/lifestyle/health-wellbeing/greater-shepparton-lockdown-new-covid-restrictions-for-victorias-region-as-coronavirus-cases-continue-to-rise-c-4123397?fbclid=IwAR0ke9AA6Zku0nsMX3OXipstcjlJ_hQj5ScE41IhFoZYuKSw9DjSDw15-FM

Read More »

මෙල්බර්න් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී ෆයිසර් එන්නත වෙනුවට සේලයින් දීලා

මෙල්බර්න් නගරයේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී ෆයිසර් එන්නත වෙනුවට සේලයින් ලබාදී ඇති බව තහවුරු කරගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් 26 වනදා එනම් පසුගිය ඉරිදා පස්වරු 01 ත් 01 යි 30 ත් අතර Deepdene Surgery හිදී එන්නත ලබා ගැනීමට පැමිණි 30 දෙනෙකුට පමණ මෙම අත්වැරදීම සිදුවී ඇති බවයි තහවුරු කරගෙන ඇත්තේ. ඇතැම්විට ඔවුන් සියලුදෙනාට හෝ කිහිප දෙනෙකුට ෆයිසර් එන්නත වෙනුවට සේලයින් එන්නත්වී ඇති බව හෙළිවී ඇත. කෙසේවෙතත් මෙමගින් කිසිදු හානියක් නැතැයි අවධාරණය කෙරේ. පස්වරු 01 යි 30 පමණ වනවිට

Read More »

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමා ඉවතට

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කලේ මෙම සීමා ඉවත් කිරීමත් සමග ව්‍යාපාරිකයන් සහ ආනයනකරුවන් දැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවයි. ඉදිරි මාස 06 සඳහා වන ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සැලැස්ම අද නිල වශයෙන් එළිදැක්වුණා. ඒ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි මාස

Read More »

මෙල්බර්න් ඉදිකිරීම් වැඩබිම් ලබන 05 දා සිට නැවත පවත්වාගෙන යාමට අවසර

මෙල්බර්න් නගරයේ දැනට වසා දමා ඇති සියලු ඉදිකිරීම් වැඩබිම් ලබන 05 වනදා සිට නැවත පවත්වාගෙන යාමට අවසර දී තිබේ. ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ එන්නත ලබාගෙන ඇති සේවකයන් කැඳවීමේ කොන්දේසියට යටත්ව සියයට 25 ක ධාරිතාවය මත මෙල්බර්න් නාගරික සහ ප්‍රාදේශීය යන කලාප 02 සඳහාම එම අවසරය දී ඇති බවයි. ගෘහස්ථ නිවාස ඉදි කිරීම් සඳහා කැඳවිය හැකි උපරිම සේවකයන් ගණන 05 කි. මහා පරිමාණ ඉදිකිරීම් වැඩබිම්වල සියලු සේවකයන් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇතිනම් සියයට 50

Read More »