Search

මෙල්බර්න් ඉදිකිරීම් වැඩබිම් ලබන 05 දා සිට නැවත පවත්වාගෙන යාමට අවසර

මෙල්බර්න් නගරයේ දැනට වසා දමා ඇති සියලු ඉදිකිරීම් වැඩබිම් ලබන 05 වනදා සිට නැවත පවත්වාගෙන යාමට අවසර දී තිබේ.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ එන්නත ලබාගෙන ඇති සේවකයන් කැඳවීමේ කොන්දේසියට යටත්ව සියයට 25 ක ධාරිතාවය මත මෙල්බර්න් නාගරික සහ ප්‍රාදේශීය යන කලාප 02 සඳහාම එම අවසරය දී ඇති බවයි.

ගෘහස්ථ නිවාස ඉදි කිරීම් සඳහා කැඳවිය හැකි උපරිම සේවකයන් ගණන 05 කි.

මහා පරිමාණ ඉදිකිරීම් වැඩබිම්වල සියලු සේවකයන් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇතිනම් සියයට 50 ක ධාරිතාවය සහිතව සේවයට කැඳවිය හැකිය.

කොවිඩ් එන්නත අනිවාර්ය කරමින් පැවති විරෝධතා උත්සන්නවීමත් සමග පසුගිය සතියේ සිට බලපැවැත්වෙන පරිදි මෙල්බර්න් සියලුම ඉදිකිරීම් වැඩබිම් වසා දැමීමට අගමැති ඩැනියල් ඇන්ඩෲස් නියෝග කලේය.

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලු අත්‍යවශ්‍ය සේවකයන්ට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව හෝ ගැනීම අනිවාර්ය කරමින් නව නියමයක් පණවා තිබේ.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී කියාසිටියේ ඔක්තෝබර් 15 වනවිට පළමු එන්නතත් නොවැම්බර් 26 වනදා වනවිට දෙවන එන්නතත් ගෙන සිටීම අනිවාර්ය වන බවයි.

මෙල්බර්න් නාගරික සහ ප්‍රාදේශීය යන කලාප දෙක සඳහාම මෙය අදාළ වනු ඇති.

කෙසේවෙතත් ඉදිකිරීම් – freight, healthcare, aged care සහ අධ්‍යාපන වැනි අංශ සඳහා දැනට වෙන වෙනම එන්නත්කරණ ඉලක්ක ලබාදී ඇති දිනයන් නොවෙනස්ව පවතින බවද ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.

source : https://www.abc.net.au/news/2021-10-01/victoria-new-covid-cases-melbourne-lockdown/100505998

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »