Day: October 1, 2021

ඊයේ දිනයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් ගණන

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,143 ක් හමුව ඇත. මරණ 3ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,944 කි. ඊයේ දිනයේදී (30) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 62,883 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 34,935 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1443727198117060609?s=20  

Read More »

රුවන් කල්පගේ ඕමාන ක්‍රිකට් උපදේශක තනතුරට

ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු වන රුවන් කල්පගේ ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙක් ලෙස පත්කර තිබේ. ලබන මස පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සිට රුවන් කල්පගේ මහතා කණ්ඩායමට සේවය සැපයීමට නියමිතය. ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන හිටපු නායකයකු ද දුලිප් මෙන්ඩිස් ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. source : https://www.ft.lk/sports/Ruwan-Kalpage-appointed-Consultant-Coach-for-Oman/23-723658

Read More »

අද සිට ACT හි කොවිඩ් නීති ලිහිල් / ආසාදිතයින් ඉහළ යාම නිසා වික්ටෝරියා යළි විවෘත කිරීමට බාධා

අද සිට ACT හි ඇතැම් කොවිඩ් නීති ලිහිල් කිරීමට ACT රජය තීරණය කර ඇත. ඒ අනුව ජාතික උද්‍යාන යළි විවෘත කිරීම සිදුකෙරෙන අතර එළිමහනේ ගත කල හැකි කාලය දීර්ග කිරීම,  ඇතැම් සිල්ලර ව්‍යාපාර සඳහා අමතර මුල්‍ය දීමනා ද ලබාදීමට නියමිතය. වයස අවුරුදු 60 ට වැඩි ACT වැසියන් සඳහා ද දැන් Pfizer එන්නත ලබාගැනීමට හැකියාව පවතී. බරපතල ලෙස ආසාදිතයින් ඉහළ යාම ප්‍රාන්තය නැවත විවෘත කිරීමේ සැලැස්මේ “සැලකිය යුතු” පසුබෑමක් ඇතිකරන බව වික්ටෝරියා ප්‍රාන්තයේ COVID-19 commander Jeroen

Read More »