ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු වන රුවන් කල්පගේ ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙක් ලෙස පත්කර තිබේ.
ලබන මස පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සිට රුවන් කල්පගේ මහතා කණ්ඩායමට සේවය සැපයීමට නියමිතය.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන හිටපු නායකයකු ද දුලිප් මෙන්ඩිස් ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.
source : https://www.ft.lk/sports/Ruwan-Kalpage-appointed-Consultant-Coach-for-Oman/23-723658