Search

මෙල්බර්න් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී ෆයිසර් එන්නත වෙනුවට සේලයින් දීලා

මෙල්බර්න් නගරයේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී ෆයිසර් එන්නත වෙනුවට සේලයින් ලබාදී ඇති බව තහවුරු කරගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් 26 වනදා එනම් පසුගිය ඉරිදා පස්වරු 01 ත් 01 යි 30 ත් අතර Deepdene Surgery හිදී එන්නත ලබා ගැනීමට පැමිණි 30 දෙනෙකුට පමණ මෙම අත්වැරදීම සිදුවී ඇති බවයි තහවුරු කරගෙන ඇත්තේ.

ඇතැම්විට ඔවුන් සියලුදෙනාට හෝ කිහිප දෙනෙකුට ෆයිසර් එන්නත වෙනුවට සේලයින් එන්නත්වී ඇති බව හෙළිවී ඇත.

කෙසේවෙතත් මෙමගින් කිසිදු හානියක් නැතැයි අවධාරණය කෙරේ.

පස්වරු 01 යි 30 පමණ වනවිට මෙම දෝෂය හඳුනාගෙන ඇති අතර වහාම Department of Health and Surveillance of Adverse Effects (SAFEVIC) දැනුවත් කර ඇතැයි සඳහන්.

source : https://www.9news.com.au/national/deepdene-surgery-mistakenly-injects-patients-with-saline-instead-of-pfizer-vaccine/962fe19e-c4c9-4887-8bb6-32a4ef2658f6

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »