Search

සුපිරි පිතිකරුවෙක් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

නවසීලන්ත සුපිරි පිතිකරු කොලින් මුන්රෝ නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

37 හැවිරිදි ඔහු 2020 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කර නොමැති අතර මෙවර T20 ලෝක කුසලාන සංචිතය අහිමි වන තෙක් කණ්ඩායමේ රැඳී සිටියා.

එහෙත් මෙවර විස්සයි 20 ලෝක කුසලානයේ නවසීලන්ත සංචිතයේ ස්ථානයක් අහිමි වීමෙන් පසුවයි කොලින් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කර ඇත්තේ.

2020 වසරේ සිට නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා නොකළද ඉදිරි විස්සයි20 ලෝක කුසලානය සඳහා මුන්රෝ සූදානමින් පසුවුණා.

සංචිතය ප්‍රකාශයට පත් කරන විට තේරීම් කමිටුවේදී මුන්රෝ පිළිබඳ සාකච්ඡා කළ ද ප්‍රවීණ වමත් පිතිකරුට ඉඩක් නොමැති බවයි නවසීලන්ත පුහුණුකරු ග්‍රේ ස්ටෙඩ් තහවුරු කළේ.

බ්ලැක් කැප්ස් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සැමවිටම තම ක්‍රීඩා දිවියේ විශාලතම ජයග්‍රහණය වන අතර එම ජර්සිය පැළඳීමට වඩා ආඩම්බරයක් නොමැති ප්‍රකාශ කළා.

මුන්රෝ නවසීලන්තය වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 57ක් සහ විස්සයි20 තරග 65කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 14 කදී ලබා ගත් අර්ධ ශතකය වාර්තාවක් ලෙස පවතින අතර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ සිව්වන වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ද වනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »