Search

පුරවැසිභාවය නිසා මන්ත්‍රී අසුන අහිමි වූ ඩයනාගේ පුරප්පාඩුවට මුජිබර් එයි

සමගි ජන බලවේගයේ සාමාජික සභික මුජිබර් රහුමාන් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ එම මන්ත්‍රී ධුරයට නුසුදුස්සකු බවට අධිකරණය නියෝග කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහායි මුජිබර් රහුමාන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ.

ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කර තිබුණා.

ඇයගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට ඇති අයිතිය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එම මන්ත්‍රීවරිය ධුරයට නුසුදුස්සෙකු වීමෙන් පසුව එම පුරප්පාඩුව පිරවීම සඳහායි සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් මුජිබර් රහ්මාන් නම් කිරීමට එම පක්ෂය යෝජනා කළේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඇති බැවින් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ අපේක්ෂකයෙකු නම් කිරීමට එම පක්ෂයට අයිතියක් පවතිනවා.

ඒ අනුව එම නම ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ඊයේ (09) ප්‍රකාශයට පත් කර තිබුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »