Breaking: නිවු සවුත් වේල්ස් අගමැති ධුරයෙන් Gladys Berejiklian ඉල්ලා අස්වෙයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට Gladys Berejiklian තීරණය කර තිබේ.

ඒ මහජන විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කිරීමත් සමගයි.

අද දිනයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා සිය තීරණය නිවේදනය කිරීමටයි අගමැතිනිය කටයුතු කලේ.

මෙය ඉතා අපහසු තීරණයක් වූ බවත් වෙන විකල්පයක් නොමැතිවීම හමුවේ එම තීරණය ගත් බවත් අගමැතිනිය කියාසිටියා.

හිටපු මන්ත්‍රීවරයෙකු වන සමග තිබූ සබඳතාවය පිළිබඳ තොරතුරු හෙළි කිරීමට Gladys Berejiklian අපොහොසත්වීමත් සමග ඇයට එරෙහිව විමර්ශනයක් පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.

ඒ අනුව අදාළ විමර්ශනය ලබන 18 වනදා ආරම්භ වනු ඇති.

Gladys Berejiklian නිවු සවුත් වේල්ස් අගමැති ධුරයට පත්වූයේ 2017 දීයි.

https://twitter.com/alexhart7/status/1443766485277573123?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1443766485277573123%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Fpolitics%2Fgladys-berejiklian%2Fwatch-live-nsw-premier-gladys-berejiklian-to-make-significant-announcement-at-1pm-after-icac-reveals-scope-of-investigation-c-4119003

SOURCE : https://7news.com.au/politics/gladys-berejiklian/nsw-premier-gladys-berejiklian-resigns-amid-probe-by-anti-corruption-watchdog-c-4119200

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »