වික්ටෝරියා සියලු අත්‍යවශ්‍ය සේවකයන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කරයි

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලු අත්‍යවශ්‍ය සේවකයන්ට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව හෝ ගැනීම අනිවාර්ය කරමින් නව නියමයක් පණවා තිබේ.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී කියාසිටියේ ඔක්තෝබර් 15 වනවිට පළමු එන්නතත් නොවැම්පර් 26 වනදා වනවිට දෙවන එන්නතත් ගෙන සිටීම අනිවාර්ය වන බවයි.

මෙල්බර්න් නාගරික සහ ප්‍රාදේශීය යන කලාප දෙක සඳහාම මෙය අදාළ වනු ඇති.

ඒ අනුව නගරයේ දැනට අත්හිටුවා ඇති ඇතැම් සේවා යළි ආරම්භ කිරීමට අවස්ථාව උදාවන බවද අගමැතිවරයා පැවසීය.

කෙසේවෙතත් ඉදිකිරීම් – freight, healthcare, aged care සහ අධ්‍යාපන වැනි අංශ සඳහා දැනට වෙන වෙනම එන්නත්කරණ ඉලක්ක ලබාදී ඇති දිනයන් නොවෙනස්ව පවතින බවද ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.

 

SOURCE : https://7news.com.au/lifestyle/health-wellbeing/covid-vaccines-made-mandatory-for-all-essential-workers-in-victoria-c-4118738

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »