මාස 18 කට පසු ලබන මාසයේදී ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කෙරේ

ලබන මාසයේ සිට අනිවාර්යයෙන්ම දේශ සීමා විවෘත කරන බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අද නිල වශයෙන් නිවේදනය කලා.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට මේ අනුව රටට පැමිණීමට අවසර හිමිවනු ඇති.

ප්‍රාන්තවල එන්නත්කරණ ඉලක්කය සියයට 80 ක ඉලක්කයකට ළගාවෙමින් සිටින බැවින් මෙලෙස දේශ සීමා විවෘත කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කලා.

කෙසේවෙතත් දේශ සීමා විවෘත කරන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඉදිරි සති කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ.

පළමු අධියරේදී රටින් බැහැරට යාමට අවසර හිමිවන්නේ ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය හිමි හෝ පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පමණයි.

මේ අනුව මාස 18 කට පමණ පසු ඔස්ටේ්‍රලියාවට පැමිණීමට විදෙස් සංචාරකයන්ට අවසර හිමිවන අතර මෙතෙක් පැවති දින 14 ක හෝටල් නිරෝධායනයද ඉවත් කර තිබෙනවා.

ඒ සඳහා එක් සංචාරකයෙකුට ඔස්ටේ්‍රලියානු ඩොලර් 3000 ක පමණ මුදලක් වැයවූ අතර ඒ වෙනුවට දින 07 ක නිවාස නිරෝධායන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරීමට නියමිතයි.

කෙසේවෙතත් කැන්බරා – සිඩ්නි සහ මෙල්බර්න් යන ප්‍රධාන නගර 03 ම මේ වනවිට ලොක්ඩවුන් තත්වයේ පැවතීමත් සමග දේශ සීමා විවෘත කිරීම කෙතරම් ප්‍රායෝගික වනු ඇතිදැයි ප්‍රධාන පෙලේ ගුවන් සමාගම් ගණනාවක් සැක මතු කර තිබෙනවා.

 

source : https://www.bbc.com/news/world-australia-58757888

https://www.9news.com.au/national/coronavirus-international-travel-australia-overseas-restrictions-ban-explainer/1c2f1ed0-077f-4414-bb01-63a2a57cb796

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »