Day: September 30, 2021

අදින් නිමාවට පත්වූ 2021 මූල්‍ය වර්ෂයේ ඔස්ටේ්‍රලියාවේ මූල්‍ය හිගය $ බිලියන 134.2 ක්

අදින් නිමාවට පත්වූ 2021 මූල්‍ය වර්ෂයේ ඔස්ටේ්‍රලියාවේ මූල්‍ය හිගය ඩොලර් බිලියන 134.2 ක් බවට හෙළි වෙයි. මුදල් අමාත්‍ය Josh Frydenberg පැවසුවේ එය අපේක්ෂා කල මට්ටමට වඩා ඩොලර් බිලියන 80 ක අඩුවක් බවයි. එය යහපත් ප්‍රවණතාවයක් බවද කොවිඩ් තත්වය හමුවේ අනෙක් රටවලට සාපේක්ෂව ඔස්ටේ්‍රලියාව යහපත් තැනක පසුවන බවද ඔහු පැවසීය. නව රැකියා විශාල සංඛ්‍යාවක් බිහිවීම ඔස්ටේ්‍රලියා ආර්ථිකය නැවත යථා තත්වයට පත්වීමේ ප්‍රධාන හේතුව බවටයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා නව රැකියා

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සියයට 80 කට පළමු මාත්‍රාව ලබාදී අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුසුකම් ලත් ජනතාව අතුරින් (අවුරුදු 16 ට වැඩි) සියයට 80 කට පළමු මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ. මේ සඳහා කැපවූ සියල්ලන්ට ස්තූතිය පළ කරන බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි. ඊයේ දිනයේදී (29) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 65,497 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 34,323 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1443427107682406401?s=20  

Read More »

අද සිට ඔස්ටේ්‍රලියා සංචාරක වීසා subclass 600 අයදුම්පත් lodge කිරීම Online ක්‍රමයට පමණයි

අද එනම් සැප්තැම්බර් 30 වනදා සිට ඔස්ටේ්‍රලියානු සංචාරක වීසා subclass 600 අයදුම්පත් ඔස්ටේ්‍රලියාවෙන් බැහැරදී ගොණුකල හැකි වනුයේ අන්තර්ජාලය ඔස්සේ පමණක් බව ශ්‍රී ලංකාවේ සිටින ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස්වරයා පවසනවා. ඔහු නිකුත් කල ට්විටර් සටහනක මේ බව සඳහන්. ඒ අනුව ImmiAccount ගිණුමක් සකස් කර අයදුම්පත් යොමුකල යුතු වනවා. From 30 September 2021, all applicants outside #Australia applying for a Visitor visa (subclass 600) in any stream, must lodge their application online via #ImmiAccount. For more information, please visit

Read More »

ලාංකිකයාගේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු නවසීලන්තය නව ත්‍රස්ත මර්දන නීතියක් සම්මත කරගනී

ත්‍රස්ත ක්‍රියා මර්දනයට අදාළව නවසීලන්තය විසින් නව නීතියක් සම්මත කරගෙන තිබෙනවා. ඒ අනුව ත්‍රස්ත ක්‍රියාවකට සූදානම්වීම අපරාධමය වරදක් ලෙස මින් ඉදිරියට එරටදී සැළකෙනු ඇති. මීට මාසයකට පමණ ඉහතදී ශ්‍රී ලාංකිකයෙකු විසින් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළඳ සැලකදී පුද්ගලයන් කිහිප දෙනකුට එල්ලකල තියුණු ආයුධ ප්‍රහාරනේ අනතුරුවයි මෙලෙස නවසීලන්තය විසින් ත්‍රස්ත මර්දන නීති දැඩිකර ඇත්තේ. පොලිසිය විසින් එහිදී වෙඩි තබා ඝාතනය කෙරුණු සැකකරු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට තොරතුරු වාර්තා වී තිබුණද ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා

Read More »

කොවිඩ් එන්නත් විරෝධී Youtube අසත්‍ය පළකිරීම් ඉවතට

කොවිඩ්19 එන්නත් සම්බන්ධයෙන් අසත්‍ය මත ප්‍රචාරය කරන සියලුම පළකිරීම් ඉවත් කිරීමට යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තීරණය කර තිබෙනවා. මේ අනුව අනුමත එන්නත් භාවිත කිරීමෙන් පසු විවිධ සංකූලතා – ලිංගික බෙලහීනතා – අතුරුඵල වැනි දෑ ඇතිවිය හැකි බවට අදහස් දක්වා ඇති සියලුම වීඩියෝ ඉවත් කිරීමට නියමිතයි. එමෙන්ම එන්නත් විරෝධී ප්‍රචාරයන් ගෙන යන යූ ටියුබ් ගිණුම් අවහිර කිරීමටද පියවර ගෙන තිබෙනවා. කොවිඩ් එන්නත්කරණය සම්බන්ධ දුර්මත වළක්වාලීමට තාක්ෂණික දැවැන්තයන් ප්‍රමාණවත් පියවර නොගන්නාබවට එල්ලවී ඇති චෝදනාත් සමගයි යූ

Read More »