Day: September 30, 2021

ACT අවසන් ආරාධනා පත්‍ර වටයේ තොරතුරු නිකුත් කරයි – 1500 කට PR ගන්න වරම්

Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා 2021 සැප්තැම්බර් අවසන් ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු නිකුත් කර තිබේ. එමගින් 1500 දෙනෙකුට ස්ථිර පදිංචියට පහසුකම් සැළසේ.   source : https://www.act.gov.au/migration/resources/canberra-matrix-invitation-round

Read More »

FedEx ඔස්ටේ්‍රලියා සේවකයන් 3000 ක් වර්ජනයක – පාර්සල් බෙදා හැරීම අඩාලයි

පාර්සල් බෙදා හැරීමේ දැවැන්තයෙකු වන FedEx හි ඔස්ටේ්‍රලියානු සේවකයන් 3000 ක් පමණ රට පුරා වර්ජනයක් ආරම්භ කර තිබේ. පැය 24 ක් පුරා එය ක්‍රියාත්මක වනු ඇති. රැකියා සුරක්ෂිතතාවය තහවුරු කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාවය සංවිධාන කර ඇත්තේ. මෙම වර්ජනය හමුවේ FedEx පාර්සල් බෙදා හැරීම සැළකිය යුතු මට්ටමකින් අඩාලවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ. FedEx සේවාවන් සඳහා බාහිර සමාගම්වලින් පුද්ගලයන් බඳවා ගෙන ඇති බවටද (Outsource) වර්ජනයේ නියුතු සේවකයන් චෝදනා කරයි.   pic – AP

Read More »

වික්ටෝරියා කොවිඩ් ආසාධිතයන් ඉහළයාමට ප්‍රධාන හේතුව AFL final අනවසර සාද බවට චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොවිඩ් ආසාධිතයන් ගණන සීඝ්‍රයෙන් ඉහළයාමට ප්‍රධාන හේතුව පසුගිය සති අන්තයේ පැවති AFL අවසාන මහා තරගයට සමගාමීව පැවති අනවසර සාද බවට චෝදනා එල්ල වනවා. ප්‍රාන්ත කොවිඩ් අණදෙන නිළධාරි Jeroen Weimar පැවසුවේ සමීප නිවාසවල සිටින පුද්ගලයන් අතර කොවිඩ් සම්ප්‍රේෂණය ඉහළ ගොස් ඇති බවයි. එබැවින් අනවසර සාද සඳහා සහභාගී වු කිසිවෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙස වික්ටෝරියා සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින්

Read More »

මෙල්බර්න් Noble Park හි නිවසකදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කරයි

මෙල්බර්න් Noble Park හි නිවසකදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ. අද අලුයම 02 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ. බරපතල තුවාල ලබා සිටි කාන්තාව Dandenong රෝහලට ගෙනගොස් තිබූ අතර එහිදී මරණයට පත්වී තිබෙනවා. නිවසේ සිටි පිරිමි අයෙකු The Alfred Hospital වෙත ගෙනගොස් තිබූ අතර ඔහුගේ තත්වය අසාධ්‍ය නැතැයි සඳහන්. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. Source : https://www.9news.com.au/national/woman-dies-after-being-allegedly-stabbed-in-melbourne-home/8f264e54-fbdc-4f10-9d04-82ff28e9fdb2?ocid=Social-9NewsM&fbclid=IwAR295SuzihQFwN8U40-C0f69Eo0jg4VJcXbS3XcEbN93MvGS9Y9ds7lnVrU

Read More »

NSW ඊයේ කොවිඩ් මරණ 06 ක් – ආසාධිතයන් 943 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (29) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 943 ක් වාර්තා වි තිබේ. දැනට 1090 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 213 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 06 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 393 කි. https://twitter.com/NSWHealth/status/1443380554439663617?s=20

Read More »