Search

FedEx ඔස්ටේ්‍රලියා සේවකයන් 3000 ක් වර්ජනයක – පාර්සල් බෙදා හැරීම අඩාලයි

පාර්සල් බෙදා හැරීමේ දැවැන්තයෙකු වන FedEx හි ඔස්ටේ්‍රලියානු සේවකයන් 3000 ක් පමණ රට පුරා වර්ජනයක් ආරම්භ කර තිබේ.

පැය 24 ක් පුරා එය ක්‍රියාත්මක වනු ඇති.

රැකියා සුරක්ෂිතතාවය තහවුරු කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාවය සංවිධාන කර ඇත්තේ.

මෙම වර්ජනය හමුවේ FedEx පාර්සල් බෙදා හැරීම සැළකිය යුතු මට්ටමකින් අඩාලවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

FedEx සේවාවන් සඳහා බාහිර සමාගම්වලින් පුද්ගලයන් බඳවා ගෙන ඇති බවටද (Outsource) වර්ජනයේ නියුතු සේවකයන් චෝදනා කරයි.

 

pic – AP

2030 දි සිඩ්නි වල කසළ දාන්න තැන් නැතිවෙයි

2030 වසර වන විට කසල බැහැර කිරීමට පවතින ඉඩ ප්‍රමාණය අවසන් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් සිඩ්නි නගරය අපද්‍රව්‍ය අර්බුදයක ආසන්නයේ සිටින බවට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

Elon Musk ගේ Tesla අභිබවා ගිය BYD

චීන වෙළදපළෙහි විද්‍යුත් වාහන ප්‍රමුඛයා ලෙස සැලකෙන BYD හි මෙවර කාර්තුමය ආදායම, පළමු වරට ඒලෝම් මස්ක්ගේ ටෙස්ලා පරදවමින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Fake AI නිර්මාණ ගැන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

AI තාක්ෂණය හරහා නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ සහ Audio හරහා වංචනික කටයුතු සිදුවන බවට පර්යේෂණවලින් හෙලිවී තිබෙන පසුබිමක එවැනි ක්‍රියාකාරකම්වලින් ප්‍රවේශම් වන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »