Day: September 30, 2021

ක්වීන්ස්ලන්ඩ් තවත් ප්‍රදේශ කිහිපයකට නිරෝධායන සීමා

අලුතින් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ තවත් ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 04 සිට නිරෝධායන සීමා ව්‍යාප්ත කර තිබේ. ඒ අනුව Brisbane, Gold Coast, Moreton Bay, Logan, Townsville & Palm Island කලාපවල නිවසක උත්සවයකට පැමිණිය හැකි උපරිම අමුත්තන් ගණන 30 ක් ලෙසත් – විවාහ / අවමංගල්‍ය සඳහා උපරිම සහභාගීත්වය 100 ක් ලෙසත් දක්වා තිබේ. අවන්හල් වැනි ආගන්තුක සත්කාර ස්ථානවල වර්ග මීටර 04 ක් තුළ සිටිය හැකි වනුයේ එක් අයෙකුට පමණි. ලබන ඉරිදා

Read More »

නිවු සවුත් වේල්ස් පාසල් යළි ආරම්භ කරන දින වකවානු සතියකින් පෙරට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් යළි ආරම්භ කරන දින වකවානු සතියකින් පෙරට ගෙන තිබේ. ඒ අනුව – 01 වසර හා 12 වසර සිසුන් ඔක්තෝබර් 18 වනදා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. 02 – 06 සහ 11 වසර සිසුන් ඔක්තෝබර් 25 වනදාත් / අනෙකුත් ශ්‍රේණි නොවැම්බර් 01 වනදාත් ආරම්භ කෙරේ. සියලුම ගුරුවරුන් පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටීම අනිවාර්ය වන අතර මෙම වැඩපිළිවෙල සඳහා ඊයේ රාත්‍රියේ රැස්වූ NSW ප්‍රාන්ත රජයද අනුමැතිය ලබාදුන්නේය.

Read More »

වික්ටෝරියාවේ දිනක වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 1400 සීමාව ඉක්මවයි!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,438 ක් හමුව ඇත. මරණ 5ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,018 කි. ඊයේ දිනයේදී (29) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 65,497 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 34,323 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1443343547994763266?s=20

Read More »

නවසීලන්තයේ PR ලබා ගැනීමට​ නව වීසා බලපත්‍රයක්!

නවසීලන්ත ආගමන දෙපාර්තමේන්තුව විසින් 2021 Resident visa නමින් නව වීසා කාණ්ඩයක් හඳුන්වා දී ඇති අතර එමඟින්රැකියා වීසා හිමි විශාල පිරිසකට නවසීලන්තයේ ස්ථිරව රැඳී සිටීමට අවස්ථාව සලසා දී තිබේ. 2021 Resident visa මඟින් COVID-19 කාලය තුළ නවසීලන්තයට සංක්‍රමණිකයින් ලබා දී ඇති අතිමහත් දායකත්වය සහ ඔවුන් මුහුණ දී ඇති අවිනිශ්චිතභාවය පිළිබඳ විශේෂයෙන් සලකා බලන බව සඳහන්. මෙම නව වීසා බලපත්‍රය මඟින් සේවා යෝජකයන්ට පදිංචි, පුහුණු හා හිඟ සංක්‍රමණික සේවකයින් රඳවා ගැනීමට ඉඩ සැලසේ. පුහුණු සංක්‍රමණික කාණ්ඩය (Skilled

Read More »

‘මැණිකේ මගේ හිතේ’ අද ඉන්දියාවේදී රැව්දේ

‘මැණිකේ මගේ හිතේ’ ගීතය ප්‍රතිනිර්මාණය කර ගායනා කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගේ ප්‍රථම ඉන්දීය සංගීත සංදර්ශනය අද (30) නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ගුරුග්‍රෑම් හිදී පැවැත්වේ. ඉතාම කෙටි කාලයකින් ඉන්දියාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙයි. මෙම සංගීත ප්‍රසංගය සවස 6 ට පැවැත්වීමට නියමිත අතර මේ සඳහා අවශ්‍යවන ප්‍රචාරක කටයුතු රූපවාහිනී, පුවත්පත් දැන්වීම්, ටිකට්පත් අලෙවිය වැනි කටයුතු භාරදී තිබෙන්නේ එම කටයුතු පිළිබඳ හසල

Read More »