නවසීලන්තයේ PR ලබා ගැනීමට​ නව වීසා බලපත්‍රයක්!

නවසීලන්ත ආගමන දෙපාර්තමේන්තුව විසින් 2021 Resident visa නමින් නව වීසා කාණ්ඩයක් හඳුන්වා දී ඇති අතර එමඟින්රැකියා වීසා හිමි විශාල පිරිසකට නවසීලන්තයේ ස්ථිරව රැඳී සිටීමට අවස්ථාව සලසා දී තිබේ.

2021 Resident visa මඟින් COVID-19 කාලය තුළ නවසීලන්තයට සංක්‍රමණිකයින් ලබා දී ඇති අතිමහත් දායකත්වය සහ ඔවුන් මුහුණ දී ඇති අවිනිශ්චිතභාවය පිළිබඳ විශේෂයෙන් සලකා බලන බව සඳහන්.

මෙම නව වීසා බලපත්‍රය මඟින් සේවා යෝජකයන්ට පදිංචි, පුහුණු හා හිඟ සංක්‍රමණික සේවකයින් රඳවා ගැනීමට ඉඩ සැලසේ.

පුහුණු සංක්‍රමණික කාණ්ඩය (Skilled Migrant Category SMC) සහ රැකියා වලින් පදිංචි කාණ්ඩය (Residence from Work RfW) යටතේ දැනටමත් ස්ථිර පදිංචි වීසා බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයට සහ SMC Expression of Interest ප්‍රකාශයක් ඉදිරිපත් කළ අයට මෙන්ම වෙනත් රැකියා වීසා හිමි බොහෝ දෙනෙකුට මෙම නව වීසා බලපත්‍රය ලබා ගත හැකිය.

මෙම නව වීසා කාණ්ඩය යටතේ දැනට නවසීලන්තයේ සිටින සංක්‍රමණිකයින් 165,000 ක් පමණ ස්ථිරව පදිංචි වීමට සුදුසුකම් ලැබෙනු ඇතැයි නවසීලන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

2021 Resident visa අදියර දෙකකින් අයදුම්පත් සඳහා විවෘත වන අතර පළමු කණ්ඩායමට 2021 දෙසැම්බර් 1 දින සිට අයදුම් කළ හැකිය.

ඉදිරි මාස 12 තුළ නවසීලන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම වීසා අයදුම්පත් සැකසීම සඳහා මූලිකත්වය දෙන බවට සඳහන්.

Photo: immigration.govt.az

වැඩි විස්තර​: https://www.immigration.govt.nz/new-zealand-visas/already-have-a-visa/one-off-residence-visa?fbclid=IwAR2twf_4jL5REZ3Ttp6aQ7FGZPz1cAqeP3GvttETXnRczNQZ6NfWcaDqiv4