ක්වීන්ස්ලන්ඩ් තවත් ප්‍රදේශ කිහිපයකට නිරෝධායන සීමා

අලුතින් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ තවත් ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 04 සිට නිරෝධායන සීමා ව්‍යාප්ත කර තිබේ.

ඒ අනුව Brisbane, Gold Coast, Moreton Bay, Logan, Townsville & Palm Island කලාපවල නිවසක උත්සවයකට පැමිණිය හැකි උපරිම අමුත්තන් ගණන 30 ක් ලෙසත් – විවාහ / අවමංගල්‍ය සඳහා උපරිම සහභාගීත්වය 100 ක් ලෙසත් දක්වා තිබේ.

අවන්හල් වැනි ආගන්තුක සත්කාර ස්ථානවල වර්ග මීටර 04 ක් තුළ සිටිය හැකි වනුයේ එක් අයෙකුට පමණි.

ලබන ඉරිදා බ්‍රිස්බන් හිදී පැවැත්වෙන NRL grand final ප්‍රේක්ෂක ධාරිතාවය සියයට 75 කට අඩු කෙරේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk කියාසිටියේ ගුවන් නියමුවෙකු ඇතුලු ගුවන් ක්ෂේත්‍රයේ පිරිසක් ආශ්‍රිතව කොවිඩ් පොකුරක් නිර්මාණය වී ඇති බවයි.

source : https://7news.com.au/lifestyle/health-wellbeing/queensland-avoids-lockdown-despite-six-new-covid-19-cases-c-4108468?fbclid=IwAR3uQRIUbLQL8WQHRGCqz4f68wvi8lIS1Wx6iefYQt6zDrujl_5pL5cBTJk

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »