‘මැණිකේ මගේ හිතේ’ අද ඉන්දියාවේදී රැව්දේ

‘මැණිකේ මගේ හිතේ’ ගීතය ප්‍රතිනිර්මාණය කර ගායනා කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගේ ප්‍රථම ඉන්දීය සංගීත සංදර්ශනය අද (30) නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ගුරුග්‍රෑම් හිදී පැවැත්වේ.

ඉතාම කෙටි කාලයකින් ඉන්දියාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙයි.

මෙම සංගීත ප්‍රසංගය සවස 6 ට පැවැත්වීමට නියමිත අතර මේ සඳහා අවශ්‍යවන ප්‍රචාරක කටයුතු රූපවාහිනී, පුවත්පත් දැන්වීම්, ටිකට්පත් අලෙවිය වැනි කටයුතු භාරදී තිබෙන්නේ එම කටයුතු පිළිබඳ හසල දැනුමක් ඇති ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වූ බුක්මයි ෂෝ නමැති සමාගමටය.

බොලිවුඩ්හි තරු ඇතුළු ඉන්දීය සිනමාවේ දැවැන්තයන් සංගීත ශිල්පීන් ඇතුළු විද්වතුන් විශාල පිරිසක් මෙම සංගීත සංදර්ශනය නැරඹීම සඳහා පැමිණෙනු ඇතැයි සංවිධායකන් අදහස් පළකරති.

ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී ඔක්තෝබර් 3 සවස 6 ට ඊළඟ සංගීත සංදර්ශනය පැවැත්වෙනු ඇත.

යොහානි පසුගිය මානුෂික මෙහෙයුමේදී 55 වන සේනාංකයට අණදුන් මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාගේ වැඩිමහල් දියණිය වේ.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »