ලාංකිකයාගේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු නවසීලන්තය නව ත්‍රස්ත මර්දන නීතියක් සම්මත කරගනී

ත්‍රස්ත ක්‍රියා මර්දනයට අදාළව නවසීලන්තය විසින් නව නීතියක් සම්මත කරගෙන තිබෙනවා.

ඒ අනුව ත්‍රස්ත ක්‍රියාවකට සූදානම්වීම අපරාධමය වරදක් ලෙස මින් ඉදිරියට එරටදී සැළකෙනු ඇති.

මීට මාසයකට පමණ ඉහතදී ශ්‍රී ලාංකිකයෙකු විසින් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළඳ සැලකදී පුද්ගලයන් කිහිප දෙනකුට එල්ලකල තියුණු ආයුධ ප්‍රහාරනේ අනතුරුවයි මෙලෙස නවසීලන්තය විසින් ත්‍රස්ත මර්දන නීති දැඩිකර ඇත්තේ.

පොලිසිය විසින් එහිදී වෙඩි තබා ඝාතනය කෙරුණු සැකකරු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට තොරතුරු වාර්තා වී තිබුණද ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නවසීලන්ත නීතිය තුළ හිඩැසක් පැවති බවටයි චෝදනා එල්ලවූයේ.

ඒ අනුවයි අද දිනයේදී එම අඩුව පුරවාලමින් නවසීලන්තය නව ත්‍රස්ත මර්දන නීතියක් සම්මත කරගෙන ඇත්තේ.

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »