යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

මියගිය රණවිරුවන් අතරින් හය දෙනෙකු රුසියාවේදී සහ දෙදෙනෙකු යුක්රේනයේ දී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව අනාවරණය කළේ.

ශ්‍රී ලාංකික රණවිරුවන් 83 දෙනෙකු මිනිස් ජාවාරම්කරුවන් විසින් රුසියාවට සහ යුක්රේනයට මේ වන විට යවා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

එම හමුදා සාමාජිකයන් අතරින් 60 දෙනෙකු රුසියාවට සහ 23 දෙනෙකු යුක්රේනයට යවා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති තල්දූව පැවසුවේ.

පසුගියදා ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරම් ජාවාරම් කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවීමෙන් පසු රුසියානු – යුක්රේන යුද්ධයේදී ශ්‍රී ලාංකික රණවිරුවන් කුලී හේවායන් ලෙස යෙදවීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම යුද්ධයට යුද ප්‍රවීණයන් යෙදවීම සඳහා මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයකු සහ සාජන් මේජර්වරයකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

මීට පෙරද මෙවැනිම මිනිස් ජාවාරමක නිරත වූ යුද හමුදා මේජර් ජනරාල්වරයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

හිටපු හමුදා සෙබළුන් මෙන්ම විශ්‍රාමික යුද ප්‍රවීණයන් ගණනාවක් කුලී හේවා කණ්ඩායම්වල සාමාජිකයන් ලෙස රුසියානු-යුක්රේන යුද පෙරමුණට යැවීමෙන් පසු මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය ද පසුගියදා තහවුරු කළා.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ විශ්‍රාමික යුද ප්‍රවීණයන් කිහිප දෙනෙකු නීතිවිරෝධී විදේශ රැකියා නියෝජිතයින්ගේ උපාය මාර්ගයකට හසු වී කුලී හේවා කණ්ඩායම්වල සාමාජිකයන් ලෙස රුසියානු-යුක්රේන යුද පෙරමුණට යවා ඇති බවයි.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »