පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.
අමාත්‍යවරිය පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළට පලස්තීනය ඇතුළත් කළ යුතුද යන්න පිළිබඳ රටේ ස්ථාවරය සම්බන්ධ සාකච්ඡා තවමත් අවසන් කර නොමැති බවයි.
අදාළ ඡන්දය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඔස්ට්‍රේලියා විදේශ ඇමති පෙන් වොං පවසන්නේ පලස්තීනය ජගත් සංවිධානයේ සාමාජිකයෙක් ලෙස ඇතුලත් කර ගැනීමට වන සාකච්ඡා තවමත් ක්‍රියාත්මක වන අතර රටේ ස්ථාවරය මෙතෙක් ගෙන නොමැති බවයි.
අදාළ ඡන්ද විමසීමට ගැනෙන යෝජනාවේ සත්‍ය අරමුණ පිළිබඳ සොයා බලන අතර ඔස්ට්‍රේලියාවට අවශ්‍ය වන්නේ මානුෂිය සටන් විරාමයක් මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමක් බව විදේශ අමාත්‍යවරිය අවධාරණය කළා.