Search

Air Vanuatu සමාගමේ අර්බුධය නිසා ඔස්ට්‍රේලියාවේ ගුවන් මගීන් අතරමං

එයාර් වනුවාටු ජාතික ගුවන් සේවයේ පාලනය අර්නස්ට් ඇන්ඩ් යන්ග් සමාගම විසින් භාරගෙන තිබෙනවා.

කෙසේවෙතත් තවදුරටත් ගුවන් මගීන් ඔස්ට්‍රේලියාවේ සහ වනුවාටු හි අතරමංව සිටින අතර නවතා දමා ඇති ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ වන්නේ කවදාදැයි තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.

අර්නස්ට් ඇන්ඩ් යන්ග් පවසන්නේ මගීන්ට නිවෙස් වෙත යාමට හැකි වන පරිදි ඉක්මන් තීරණයක් ගන්නා බවයි.

Arnst & Young විසින් ගුවන් සේවයේ පාලනය තමන් අතට ගත් බව තහවුරු කළේ වනුවාටු රජය ඔවුන් ස්වේච්ඡා ඈවර කරන්නෙකු ලෙස පත් කිරීමෙන් පසුවයි.

ලබන ඉරිදා දක්වා සැලසුම් කර තිබූ සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර ඇති අතර එදිනට පසු ගුවන් ගමන් පිළිබඳ සමාලෝචනය වෙමින් පවතින බව එයාර් වනුවාටු සමාගම ඊයේ ප්‍රකාශ කළා.

සාමාන්‍ය මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට පෙර ආරක්‍ෂාව සහ නඩත්තු පරීක්‍ෂණ පවත්වන බවයි පාලනය භාර ගනු ලැබූ අර්නස්ට් ඇන්ඩ් යන්ග් නිවේදනය කළේ.

ගුවන් ගමන් ප්‍රමාදයෙන් පීඩාවට පත් ඔස්ට්‍රේලියානුවන්ට තම සංචාරක නියෝජිතයා හෝ සංචාරක රක්‍ෂණ සමාගම අමතන ලෙසට ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »