කොවිඩ් එන්නත් විරෝධී Youtube අසත්‍ය පළකිරීම් ඉවතට – AusLanka TV – Australian News for the Sri Lankan community

කොවිඩ් එන්නත් විරෝධී Youtube අසත්‍ය පළකිරීම් ඉවතට

කොවිඩ් එන්නත් විරෝධී Youtube අසත්‍ය පළකිරීම් ඉවතට

කොවිඩ්19 එන්නත් සම්බන්ධයෙන් අසත්‍ය මත ප්‍රචාරය කරන සියලුම පළකිරීම් ඉවත් කිරීමට යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තීරණය කර තිබෙනවා.

මේ අනුව අනුමත එන්නත් භාවිත කිරීමෙන් පසු විවිධ සංකූලතා – ලිංගික බෙලහීනතා – අතුරුඵල වැනි දෑ ඇතිවිය හැකි බවට අදහස් දක්වා ඇති සියලුම වීඩියෝ ඉවත් කිරීමට නියමිතයි.

එමෙන්ම එන්නත් විරෝධී ප්‍රචාරයන් ගෙන යන යූ ටියුබ් ගිණුම් අවහිර කිරීමටද පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධ දුර්මත වළක්වාලීමට තාක්ෂණික දැවැන්තයන් ප්‍රමාණවත් පියවර නොගන්නාබවට එල්ලවී ඇති චෝදනාත් සමගයි යූ ටියුබ් විසින් මෙම පියවර ගෙන ඇත්තේ.