අදින් නිමාවට පත්වූ 2021 මූල්‍ය වර්ෂයේ ඔස්ටේ්‍රලියාවේ මූල්‍ය හිගය $ බිලියන 134.2 ක්

අදින් නිමාවට පත්වූ 2021 මූල්‍ය වර්ෂයේ ඔස්ටේ්‍රලියාවේ මූල්‍ය හිගය ඩොලර් බිලියන 134.2 ක් බවට හෙළි වෙයි.

මුදල් අමාත්‍ය Josh Frydenberg පැවසුවේ එය අපේක්ෂා කල මට්ටමට වඩා ඩොලර් බිලියන 80 ක අඩුවක් බවයි.

එය යහපත් ප්‍රවණතාවයක් බවද කොවිඩ් තත්වය හමුවේ අනෙක් රටවලට සාපේක්ෂව ඔස්ටේ්‍රලියාව යහපත් තැනක පසුවන බවද ඔහු පැවසීය.

නව රැකියා විශාල සංඛ්‍යාවක් බිහිවීම ඔස්ටේ්‍රලියා ආර්ථිකය නැවත යථා තත්වයට පත්වීමේ ප්‍රධාන හේතුව බවටයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා නව රැකියා ලක්ෂ 10 ක් බිහිවී ඇති බවයි Josh Frydenberg සඳහන් කලේ.

එමෙන්ම විරැකියා අනුපාතයද වසර 10 කට පසු සියයට 05 ට අඩු මට්ටමක පැවති බවත් ඔහු කියාසිටියා.

source : https://www.9news.com.au/national/federal-budget-2020-2021-final-outcome-australia-survives-covid19-economic-damage/db1c1234-a16b-4ff7-8f0b-95953bc85513

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »