අද සිට ඔස්ටේ්‍රලියා සංචාරක වීසා subclass 600 අයදුම්පත් lodge කිරීම Online ක්‍රමයට පමණයි

අද එනම් සැප්තැම්බර් 30 වනදා සිට ඔස්ටේ්‍රලියානු සංචාරක වීසා subclass 600 අයදුම්පත් ඔස්ටේ්‍රලියාවෙන් බැහැරදී ගොණුකල හැකි වනුයේ අන්තර්ජාලය ඔස්සේ පමණක් බව ශ්‍රී ලංකාවේ සිටින ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස්වරයා පවසනවා.

ඔහු නිකුත් කල ට්විටර් සටහනක මේ බව සඳහන්.

ඒ අනුව ImmiAccount ගිණුමක් සකස් කර අයදුම්පත් යොමුකල යුතු වනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර පහතින් :

https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/visitor-600

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »

සේවකයන්ට හිග වැටුප් ගෙවන්න සුපිරි වෙළඳසැලකට නියෝගයක්

වික්ටෝරියානු කම්කරුවන් 1200කට පමණ ඩොලර් මිලියනයකට වැඩි නිවාඩු හිමිකම් ගෙවීමට අපොහොසත් වූ බවට Woolworths සුපිරි වෙළඳසැල පිළිගැනීමත් සමග ඩොලර් මිලියන 1.2ක දඩ මුදලක් පනවා තිබෙනවා.

Read More »

ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණයෙන් ඉවත් වෙයි

ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »