හිටපු අගමැති අභියෝග මැද ධුරය හෙබවූ හැටි පළමු වරට හෙළිකරයි

ඔස්ට්‍රේලියාවේ අගමැති තනතුරු හෙබවූ කාලයේ දී තමන් කාංසාව සඳහා ඖෂධ ලබා ගත් බව හිටපු අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මානසික ව්‍යාධීන්ට ප්‍රතිකාර ගැනීම ලැජ්ජාවට කරුණක් නොවන බවයි.

රටේ නායකයා ලෙස කටයුතු කරන අතරතුර තමන් කනස්සල්ල සහ අපහසුතා අත්විඳි ආකාරය පිළිබඳ පොතක් රචනා කරමින් සිටින බව ද හිටපු අගමැතිවරයා සඳහන් කළා.

අගමැති තනතුරෙහි රාජකාරිවල නිරත වීමේ දී තම මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල වූ බව ද ස්කොට් මොරිසන් පවසා තිබෙනවා.

තම පෞද්ගලික අත්දැකීම් බෙදා ගනිමින් හිටපු අගමැතිවරයා කියා සිටියේ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන තෙක් තමන් එතෙක් ජීවත් වූ ආකාරය පිළිබඳ වෛද්‍යවරුන් පවා පුදුමයට පත්වු බවයි.

දේශපාලන ක්ශේත්‍රයෙන් මෙන්ම ජනමාධ්‍ය ඔස්සේ එල්ලවූ බලපෑම පිළිබඳ ව ද එහිදි ස්කොට් මොරිසන් පැහැදිලි කළා.

රටේ ප්‍රධානතම තනතුර හෙබවීම බොහෝ දෙනෙකු පහසු කාර්යයක් ලෙස සිතුව ද එහි බැරූරුම් කම සැමට තේරුම්ගත නොහැකි බවයි හිටපු අගමැති ස්කොට් මොරිසන් සඳහන් කළේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »