Search

මාර්තු මස වීරයා කමිඳු මෙන්ඩිස්

මාර්තු මාසයේ ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය  කමිඳු මෙන්ඩිස්ගේ අතට පත්ව තිබෙනබා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවියේ මේ පිළිබඳව නිල වශයෙන් සඳහන් කර ඇති අතර ඔහුට අමතරව අයර්ලන්ත ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත ක්‍රීඩක මැට් හෙන්රි ද මාර්තු මාසයේ ලොව හොඳම ක්‍රීඩකයින්ගේ නම් අතරට යෝජනා වී තිබුණා.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් කැපීපෙනෙන දක්ෂතාවයන් රැසක් දැක්වූවා.

එහිදී ඔහු පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක රැස්කළ අතර දෙවන තරගයේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 92ක් ලබා ගත්තා.

එසේම තරගයේ ජයග්‍රහණය කරා යන ගමනේදී පන්දුවෙන් ද දස්කම් දැක්වූ ඔහු ලකුණු 32කට බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 3ක් දවාගත්තා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »