සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඩිම්බකෝෂ පිළිකා පර්යේෂණ පදනමේ ප්‍රධාන නිලධාරි රොබින් පෙන්ටි ඩිම්බකෝෂ පිළිකා පිළිබඳ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබුණා.

ඔස්ට්‍රේලියාවේ සෑම පැය අටකට වරක් එක් කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොදුරු වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියාව ඩිම්බකෝෂ පිළිකා පර්යේෂණ සඳහා ලෝකයේ ප්‍රමුඛතම රටවල් තුන අතරට පත්ව ඇති අතර ඒ පිළිබඳ නිරතුරු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි ඩිම්බකෝෂ පිළිකා පර්යේෂණ පදනම සඳහන් කළේ.

ඩිම්බකෝෂ පිළිකා රෝග ලක්ෂණ අතර උදරයේ ඉදිමීමල උදර වේදනාවල මුත්රාශයේ සහ බඩවැල්වල වෙනස්කම්ල හදිසි සහ පැහැදිලි කළ නොහැකි බර අඩු වීම එම ලක්ෂණ අතර වනවා.

මෙම ලක්ෂණයන්ගෙන් එකක් හෝ පවතින්නේ නම් වහාම වෛද්‍යයකු හමුවන ලෙස දැනුම් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »