වියට්නාමයේ ආහාර විෂවීමක් – 500ක් රෝහලේ

දකුණු වියට්නාමයේ වෙළඳසැලකින් bánh mì නම ආහාරය අනුභව කිරීමෙන් පසු 500 කට වැඩි පිරිසක් ආහාර විෂවීමක් නිසා රෝහල්ගත කර තිබෙනවා.

ඔවුන්ගෙන් වයස අවුරුදු හයත් හතත් අතර පිරිමි ළමුන් දෙදෙනෙකු ඇතුළු 12 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසා ඇත්තේ.

මෙම ආහාරය අලෙවි කර ඇති වියට්නාමයේ ඩොං නයි පළාතේ පිහිටුවා ඇති මෙම බේකරිය තාවකාලිකව වසා දමා ඇති බව සඳහන්.

පවතින තාප තරංගයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ආහාරය නරක් වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

කෙසේ වෙතත් බේකරිය සම්බන්ධව කළ මූලික පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ එය ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුකූල නොවන බවයි.

bánh mì යනු වියට්නාමයේ සාම්ප්‍රදායික සැන්ඩ්විච් එකක් වන අතර එය සීතල මස් සහ එළවළු පිරවූ ප්‍රංශ විලාසිතාවේ බෑගට් එකක් ලෙස විස්තර වනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »