ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණයෙන් ඉවත් වෙයි

ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

විශාල අවදානම් පිළිබඳව මූල්‍ය සැලසුම්කරුවන් අනතුරු අඟවා තිබියදීත් ඔස්ට්‍රේලියානුවන් රක්ෂණ ආවරණයට වඩා ආහාර අවශ්‍යතා තෝරා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මූල්‍ය සැලසුම්කරුවෙකු වන සයිමන් කට්ලර් පවසන්නේ අවදානම් පිළිබඳව තම සේවාදායකයින්ට අනතුරු අඟවා තිබියදීත් ආහාර අවශ්‍යතා හමුවේ ඔවුන්ගේ රක්ෂණ අවලංගු කරන ලෙස ඉල්ලීම් ලැබී ඇති බවයි.

තරුණ ඔස්ට්‍රේලියානුවන් රක්ෂණ සංකල්පය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර ඒ වෙනුවට ආපදා ඇති වූ විට GoFundMe වැනි ක්‍රමවේද තෝරා ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසන්නේ ඉහළ ප්‍රතිරක්‍ෂණ, ස්වාභාවික විපත් අවදානම් සහ අනෙක් පිරිවැය හේතුවෙන් නිවාස සහ මෝටර් රථ රක්‍ෂණ වාරික අඛණ්ඩව ඉහළ යන බවයි.

දීර්ඝ කාලයක් පුරා අත්‍යවශ්‍ය යැයි සැලකූ රක්ෂණ ක්‍රම ජීවන වියදම් අර්බුදය උග්‍ර වන විට බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට දැරිය නොහැකි තැනකට පත්වෙමින් ඇති බවට සාක්ෂි ලැබී තිබෙනවා.

රක්‍ෂණ වාරික ගෙවීම දැරිය නොහැකි තත්ත්වයකට පත්වෙමින් තිබෙන නිසා ජනතාව තම සෞඛ්‍ය රක්‍ෂණ ද අවලංගු කිරීමට සලකා බලමින් සිටින බවයි පැවසෙන්නේ.

නිව් සවුත් වේල්ස් හි මූල්‍ය උපදේශකයින් ඇස්තමේන්තු කර ඇත්තේ තම ප්‍රාන්තයේ ගනුදෙනුකරුවන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසකට කිසිදු ආකාරයක නිවාස රක්ෂණයක් නොමැති බවයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »