ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

එම වාර්තා අනුව 2022-2023 මූල්‍ය වර්ෂයේ දී ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය පුද්ගලික බදු අනුපාතය සියයට 7.6 කින් වැඩි වි ඇති බවයි දැක්වෙන්නේ.

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය රාජ්‍යයන් 37කින් සමන්විත අතර එම රටවල බදු අයකිරීම අතින් ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඉහළම බදු අයකිරීම් ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට ලක්සම්බර්ග් රාජ්‍ය පත්ව ඇති අතර එම බදු අගය සියයට 5ක වැඩිවීමක් බව සඳහන්.

නවසීලන්තය වැඩිම සාමාන්‍ය පුද්ගලික බදු අයකරන රාජ්‍යන් අතර තෙවන ස්ථානයට පත්ව ඇති අතර එම අගය සටහන්ව ඇත්තේ සියයට 4.5ක් ලෙසයි.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දුන් තෙවන අදියරේ බඳු කප්පාදු සංශෝධනය මගින් ඉදිරියේ දී ඔස්ට්‍රේලියානුවන්ට බදු සහන රැසක් හිමි වන බව සඳහන්.

දැඩි බදු සීමා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මුල්‍ය ආතතියට පත්ව ඇති ආකාරය ද එම වාර්තාවේ දක්වා තිබුණා.

නව බදු සංශෝධන යටතේ මෙම තත්වයේ වෙනසක් මෙම මුල්‍ය වර්ෂයේ සිදුවනු ඇති බවටයි ආර්ථික විශේෂඥයින් විශ්වාසය පළ කරන්නේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »