Search

ඔස්ට්‍රේලියාවේ සේවකයන් පිරිසකට ළඟදීම දින 4ක වැඩ සතියක්

Woolworths සුපිරි වෙළඳසැල් ජාලයේ සේවකයින් 14,000කට පමණ සතියකට දින හතරක් වැඩ කළ හැකි යෝජනාවකට වෘත්තීය සමිති රැසක් සහාය පළ කර තිබෙනවා.

එය සම්මත වුවහොත් Woolworthsහි පූර්ණ කාලීන සේවකයින් 14,000 කට වැඩි පිරිසක් දින හතරක වැඩ සතිය සඳහා සුදුසුකම් ලබනු ඇති.

බෙදා හැරීමේ සහ අනුබද්ධ සේවක සංගමයේ නියෝජිතයින් මේ වන විටත් යෝජනාවට සහාය දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි සතිවලදී සේවකයින් විසින් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර යෝජනාවට තවත් වෘත්තීය සමිති දෙකක් අත්සන් කිරීම අවශ්‍ය වනවා.

බෙදා හැරීමේ සහ අනුබද්ධ සේවා යෝජකයින්ගේ සංගමයේ ලේකම් බර්නි ස්මිත් පැවසුවේ දින හතරක වැඩ කිරීමේ යෝජනාවකට තම නියෝජිතයින් ඒකමතිකව සහාය දුන් බවයි.

නව යෝජනාවට අනුව දින 5ක් තුල පැය 38ක් වැඩ කරන සේවකයන්ට දිනකට පැය 9ක පමණ කාලයක් වැඩ කිරීමෙන් දින පහේ වැඩ සතිය දින හතරකින් සම්පූර්ණ කිරීමට හැකි වනු ඇති.

කෙසේවෙතත් ඊට අයදුම් කිරීමට සුදුසුකම් ලබන්නේ සමාගමේ සිටින සේවකයින් 130,000ක පමණ පිරිසකගෙන් පූර්ණ කාලීන Woolworths සේවකයින් 14,000ක් පමණයි.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »