ඉරාන ජනපති ගිය හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් ගත් රැගත් හෙලිකොප්ටරය කඩා වැටී අනතුරට ලක්ව ඇතැයි ඉරාන පුවත් ඒජන්සිය පවසනවා.

අසර්බයිජාන් දේශසීමාවේ ජොල්ෆා නගරය ආසන්නයේ දී ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටී ඇති අතර තුවාල හෝ අලාභහානි පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවයි ඉරාන රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ.

අනතුරට ලක්වන විට ඉරානයේ විදේශ අමාත්‍ය හුසේන් අමිරබ්දුල්හියාන් ද මෙම හෙලිකොප්ටරයේ ගමන් කරමින් සිටි බව සඳහන්.

අයහපත් කාලගුණය සහ කලාපයේ ඝන මීදුම හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළ අතර ගලවාගැනීමේ කණ්ඩායම්වල ද එම ස්ථානයට යාමට අපහසු වූ බවයි වාර්තා වන්නේ.

ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් එම ස්ථානයට ළඟා වීමට උත්සාහ කරන බවයි.

ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව ජනාධිපතිවරයා ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටබ්‍රිස් නගරයට යමින් සිටියේ අසර්බයිජාන ජනාධිපතිවරයා සමග එම දේශසීමාවේ ජලාශ කිහිපයක් විවෘත කිරීම් උත්සව කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුවයි.

එම අවස්ථාවේ දී අදාළ හෙලිකොප්ටරයේ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමිරබ්දුල්හියාන් (Hossein Amirabdullahian), අසර්බයිජානයේ නැගෙනහිර ආණ්ඩුකාර මලික් රහ්මාති (Malik Rahmati), ඉරානයේ ටැබ්‍රයිස් හි ආණ්ඩුකාර මොහමඩ් අලි අලෙ හෂීම් (Mohammed Ali Ale-Hashem) සිටි බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »