Search

බොන්ඩායි ජන්ෂන් පිහි ඇනුමෙන් මියගිය අයෙකුගේ මවගෙන් රජයට ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන් හි පිහි ඇනුමට ගොදුරු වූ අයෙකුගේ මවක් රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයා වැනි මානසික රෝගී තත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයන් වෙනුවෙන් මානසික සෞඛ්‍ය අරමුදල් සහ සේවා සැපයීම වැඩි කරන ලෙසටයි.

පසුගිය මාසයේ සිඩ්නි හි වෙස්ට්ෆීල්ඩ් හිදී 40 හැවිරිදි ජොයෙල් කවුචි විසින් ඝාතනය කරන ලද හය දෙනාගෙන් එක් අයෙකු මෙම ඉල්ලීම සිදු කරන එලිසබෙත් යංග් නම් කාන්තාවගේ දියණියයි.

එම මව ප්‍රකාශ කළේ මෙම සිදුවීම හේතුවෙන් පවුලේ සාමාජිකයන්ගේ ජීවිත බිඳී ගොස් ඇති අතර එය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් නොවනු ඇති බවයි.

ෆෙඩරල් සහ ප්‍රාන්ත යන දෙඅංශයේම දේශපාලනඥයින් මානසික සෞඛ්‍ය සේවාව සම්බන්ධ ගැටලු සොයා බලා මෙරට ගැහැණු ළමයින්ට සහ සියලුම ඔස්ට්‍රේලියානුවන්ට ආරක්ෂිත ලෝකයක් නිර්මාණය කළ යුතු බවයි ඇය සඳහන් කළේ.

මේ අතර දැඩි මානසික සෞඛ්‍ය අවශ්‍යතා ඇති පුද්ගලයින් 58,000ක් පමණ සෑම වසරකම රැකවරණය අහිමි වන බව නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජා මානසික සෞඛ්‍ය සේවාවේ වාර්තාවල සඳහන් .

පසුගිය වසරේ පුද්ගලයින් 100,000ක් පමණ මානසික සෞඛ්‍ය ගැටලුවක් සමඟ හදිසි ප්‍රතිකාර අංශ වෙත පැමිණි අතර එය පෙර වසරට වඩා සියයට පහක වැඩිවීමක් බවයි පැවසෙන්නේ.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »