Search

පර්ත් සහ සිඩ්නි අවට පිහි ඇනුම් දෙකක්

පර්ත් නගරයට දකුණින් පිහිටි ප්‍රදේශයක නිවසක් තුළ සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලේදී මිය ගොස් තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්න කාලයේ රෝයල් ඩ්‍රයිව් හි පිහිටි නිවසකටට පොලිසිය සහ ගිලන්රථ කාර්ය මණ්ඩලය පැමිණ ඇත්තේ පුද්ගලයෙකු බරපතල තුවාල ලබා සිටින බවට ලැබුණු තොරතුරකට අනුවයි.

පසුව ගිලන් රථයකින් ඔහු රොකින්හැම් මහ රෝහලට රැගෙන ගිය ද ටික වේලාවකට පසු මිය ගොස් තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධියට අදාළව විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර සිඩ්නි නගරයේ ව්‍යායාම ශාලාවකදී කාන්තාවකට පිහියෙන් ඇනීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ අද දහවල් 12:30ට පමණ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ව්‍යායාම් රථ ගාලකදී 39 හැවිරිදි කාන්තාවකට වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇන ඇති බවයි.

පිහියෙන් අනිනු ලැබූ සැකකරු සහ කාන්තාව එකිනෙකා හඳුනන අය බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »