බැල්ටිමෝර් පාලමේ සුන්බුන් අතරින් තවත් කඳුළු කතාවක් මතුවෙයි

ඇමරිකාවේ බැල්ටිමෝර් පාලම කඩා වැටීමෙන් මියගිය තවත් පුද්ගලයෙකුගේ සිරුර ගොඩගත් බව එරට බලධාරීන් පවසනවා.

ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් ගොඩ ගෙන ඇති මෙම මළ සිරුර මාර්තු 26 වනදා බැල්ටිමෝර් පාලම කඩා වැටීමෙන් පසු මියගිය හයවැනි සහ අවසාන පුද්ගලයාගේ බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඔහු මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර්හි පදිංචිව සිටි 37 හැවිරිදි ජෝස් මයිනර් ලෝපෙස් නමැති අයෙක්.

බැල්ටිමෝරයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම රාත්තල් මිලියන 213ක් බරැති භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක වැදී කඩා වැටීමෙන් පසු එහි අලුත්වැඩියා කරමින් සිටි කම්කරුවන් හය දෙනෙකු මිය ගියා.

කඩා වැටීමට පෙර සෑම දිනකම මේරිලන්ඩ් වැසියන් 30,000ක් පමණ පාලම භාවිතා කළ බව සඳහන්.

අනතුරින් මියගිය ඉදිකිරීම් කම්කරුවන් හය දෙනා රටවල් හොන්ඩුරාස්, එල් සැල්වදෝරය, මෙක්සිකෝව සහ ග්වාතමාලාවෙන් පැමිණි සංක්‍රමණිකයන් බවට හෙළිවී තිබෙනවා.

මෙම පාලම යළි ඉදි කිරීමේ ක්‍රියාවලිය සහ පාලම කඩාවැටුණු ස්ථානයෙන් සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු යන දෙකම ඉතා දුෂ්කර කාර්යයන් වී ඇති බව ප්‍රාන්ත සහ ෆෙඩරල් බලධාරීන් ප්‍රකාශ කර තිබුණා.

පසුගියදා එක්සත් ජනපද හමුදා ඉංජිනේරු බලකාය පැවසුවේ, මෙම මස අග වන විට බැල්ටිමෝර් වරායට යන අඩි 700 පළල අඩි 50 ගැඹුරකින් යුත් ෆෙඩරල් නාවික ඇල මාර්ගය සම්පූර්ණයෙන්ම නැවත විවෘත කිරීමට සැලසුම් කරන බවයි.

මේ වන විට මේරිලන්ඩ් වෙත හදිසි සහන අරමුදල් වශයෙන් ඩොලර් මිලියන 60ක් ව්‍යාපෘතිය සඳහා ලැබී ඇති බව ද සඳහන්.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »