යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ ඒකාබද්ව මෙහෙයුම සිදු කරන බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

වංචනික රැකියා ඒජන්තවරුන් සමග එක්ව ව්‍යාජ පොරොන්දු ලබාදී විශ්‍රාම ලබා සිටින රණවිරුවන්ව රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට යැවීමේ ජාවාරම ක්‍රියාත්මක බවටයි හෙළිවී ඇත්තේ.

ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ පීටර්ස් බර්ග් වැනි ප්‍රසිද්ධ ස්ථානවලින් ඉඩම් ලබාදීම මෙන්ම යුද්ධයට බැඳෙන පිරිස්වලට රුසියාවේ පුරවැසිභාවය සහ ලක්ෂ 10කට අධික මුදලක් ලබාදෙන බවට ද පොරොන්දු දී ඇතැයි සඳහන්.

එහෙත් ඔවුන්ට කිසිදු මුදලක් හෝ වැටුපක් ලබාදී නොමැති අතර මරණයට පත්වුව හොත් හෝ බරපතළ තුවාල ලැබුවොත් කිසිදු වන්දි මුදලක් ගෙවා නොමැති බව ද අනාවරණ වී තිබෙනවා.

මෙම වංචාවන්ට හසුවී ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් රැසක් යුද පෙරමුණට ගොස් ඇති අතර ඉන් පිරිසක් මරණයට පත්ව තවත් පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

ජාවාරමට සම්බන්ධ පිරිස හඳුනා ගැනීම සඳහා උත්සාහ කරමින් සිටින අතර හිටපු හමුදා සාමාජිකයන් යුද්ධයට බැඳි ඇත්තේ නිත්‍යානුකුලව නොවන අතර කුලී හමුදා ලෙස බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මෙලෙස විදේශ ගත වී ඇති පුද්ගලයින් සෙවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින්ද විමර්ශන ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »