වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහණය ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වේගයෙන්ම වර්ධනය වන ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය හඳුනාගෙන තිබෙනවා.

2022-2023 මූල්‍ය වර්ෂයට අදාළ සංඛ්‍යාලේඛන කාර්යංශයේ දත්ත අනුව මෙල්බන්හි ජනගහණය සියයට 3.3කින් වර්ධනය වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයේ සෙසු කලාපවලට සාපේක්ෂව එය සියයට 1.1 වැඩිවීමක් බව සඳහන්.

මෙයට හේතු වූයේ සැලකිය යුතු විදේශ සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් පැමිණිම සහ නව උපත් සංඛ්‍යාවේ වැඩිවීම බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්තවල දැක්වෙන්නේ 2023 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 26.8ක් වූ බවයි.

පසුගිය මාස 12ක කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවට පැමිණි විදේශ සංක්‍රමණිකයින් සංඛ්‍යාව 765,900ක් වන අතර මෙරටින් පිටවු සංක්‍රමණිකයින් සංඛ්‍යාව 217,100ක් බව සඳහන්.

ඒ අනුව මෙරට දැනට වාසය කරන ශුද්ධ සංක්‍රමණිකයින් සංඛ්‍යාව 548,800ක් වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයට පසුව ක්වින්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්තයන්ගේ ජනගහණය ද ක්‍රමයෙන් වර්ධනය වන බවයි වාර්තාවල දැක්වෙන්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »