ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

වාර්තාගත ලෙසට ඉහළ යමින් පවතින සංක්‍රමණ පාලනය කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස වංචනිකව සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාමාර්ග පිළිබඳ විද්‍යාල කිහිපයකට ද අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළි වුවහොත් දැඩි පියවර ගන්නා බවද බලධාරීන් අවධාරණය කර තිබෙනවා.

ලබන සිකුරාදා (10) සිට ජාත්‍යන්තර සිසුන් ඔවුන්ගේ වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710ක් එනම් ඇමරිකානු ඩොලර් 19,576ක ඉතුරුම් පිළිබඳ සාක්ෂි පෙන්විය යුතු වනවා.

මෙය මාස හතක පමණ කාලයක් තුළ අදාළ මුදල් අවශ්‍යතාව ඉහළ නැංවූ දෙවන අවස්ථාව ලෙසටයි සැලකෙන්නේ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු ඩොලර් 21,041ක්ව පැවති මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 24,505 දක්වා ඉහළ නංවනු ලැබුවා.

2022 වසරේදී COVID-19 සීමාවන් ඉවත් කිරීමත් සමග වැඩි වන සංක්‍රමණිකයන් හේතුවෙන් දැනටමත් ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමට බලධාරීන් ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කරමින් සිටිනවා.

පසුගිය මාර්තු මාසයේදී ශිෂ්‍ය වීසා සඳහා ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා වැඩි කරන ලද අතර ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ නෙයිල් පැවසුවේ සිසුන් බඳවා ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් අධ්‍යාපන සැපයුම්කරුවන් 34 දෙනෙකුට අනතුරු ඇඟවීමේ ලිපි යවා ඇති බවයි.

ඔවුන් වරදකරුවන් වුවහොත් වසර දෙකක් දක්වා සිරගත කළ හැකි අතර සිසුන් බඳවා ගැනීම තහනම් කළ හැකි බවද ඇය ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර අධ්‍යාපනය මෙරට විශාලතම ආයෝජනවලින් එකක් වන අතර එමගින් ගතවූ මුල්‍ය වර්ෂයේදී ආර්ථිකයට ඩොලර් බිලියන 36.4ක් ලැබී තිබුණා.

ඉදිරි වසර දෙක තුළ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් බඳවා ගැනීම අඩකින් අඩු කිරීමටයි නව ප්‍රතිපත්ති මගින් රජය අපේක්ෂා කරමින් සිටින්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »